Green Card lottery 2025 සදහා අයදුම් කරමු.

2025 සදහා ඇමරිකන් එක්සත් ජනපදය මගින් නිකුත් කරන green card lottery එක සදහා දැන් ඔයාලාට අයදුම් කරන්න පුලුවන්.

✳️ මුලින්ම ඔයා තනි පුද්ගලයෙකු නම් ඒ සදහා ඔයාගේ තොරතුරු පමනක් ඇතුලත් කර යුතු අතර ඔයා විවාහක හා ඔබට දරුවන් සිටීනම් ඔවුන්ගේද ඡයාරුප හා තොරතුරු ඇතුලත් කර යුතුය.

අවශ්‍ය වන ඡායාරුප පිලිබදව තොරතුරු

✳️ මේ සදහා මාස 6ක් ඇතුලත ගත් ඡායාරූපයක් අවශ්‍ය වේ.

✳️ ඡායාරූප 600 x 600 pixel ප්‍රමාණයෙන් විය යතු අතර එය 54kb වලට වඩා අඩු විය යතුය.

✳️ පැහැදිලි සුදු පාටට හුරු පසුබිමක (සුදු වර්ණය වඩාත් සුදුසුය) ඉතා පැහැදිලි ඡායාරූපයක් විය යුතුය.

✳️ ඡායාරූපයෙහි උපැස් (කණ්නාඩි) පැලද සිටය නොහැක.

✳️ කිසිවිටකත් ඔබේ ඡායාරුප වෙනස්කම් නොකර යුතුය (edi❌)

✳️ කැමරාවට නිවරදීව ඇස යොමු විය තිබිය යුතු අතර ඉතා පැහැදිලිව තිබිය යුතුය

✳️හිස් වැසුම් නොපැලදිය යුතුය (caps❌)

මුලින්ම ඇමරිකානු DV Program එකෙහි අයදුම් පත පිරවීමට පහත link එකට පිවිසෙන්න.

අයදුම් කිරිමට මෙතන ටච් කරන්න

එවිට මෙවැනි පිටුවකට පිවිසේ. එහි පහලට එනවිට ඇති කොලපාට ⁣කොටුව මත ටච් කරන්න. (Begin Entry)

එවි⁣ට ඔයාව පහත පෙනෙන ආකාරයේ අලුත් පිටුවකට පැමිනෙයි. එහිදි කොටුවක් තුල අපහැදිලි අකුරු ටිකක් ඇත. එය ඔබට පෙනෙන අයුරින් පහලින් ඇති කොටුව තුල සටහන් කරන්න.

ඉන්පසුව Submit කරන්න.

 

1. ඔයාගේ සම්පූර්ණ නම.

✳️ පලවෙනි කොටුව තුල වාස ගම

✳️ දෙවැනි කොටුව තුල ඔයාගේ මුල් නම

✳️ තෙවැනි කොටුව තුල නමේ ඉතිරි කොටස ( ඉතිරෙි කොටසක් නොමැතිනම් ඊට යටින් ඇති No middle name ඉදිරිපස ඇති කොටුව මත ටච් කරන්න)

2. Gender  ඔයාගේ ස්ත්‍රී / පුරුෂ භාවය මෙතන සදහන් කරන්න.

Male – පිරිමි      Female – ගැහැනු

3. Birth Date උපන් දිනය.

මෙහි ඔයාගේ උපන් දිනය පිලිවෙලට මාසය, දිනය හා වර්ශය සටහන් කරන්න.

Month මාසය

Date දිනය

Year අවුරුද්ද

4.  ඔයා ඉපදුන දිස්ත්‍රික්කය

මෙහි ඔයා ඉපදුන දිස්ත්‍රික්කය සදහන් කරන්න.

5. ඔයා ඉපදුන රට

අංක 5 ප්‍රශ්නයට හලින් ඇති කොටුව තුල ඇති රටවල් තුලින් Sri Lanka ව තෝරන්න.

 

7. ඔයාගේ ඡායාරූපය (photo)  ඇතුලත් කරන්න.

 

8. ඔයාගේ ලිපි ලැබෙන ලිපිනය ඇතුලත් කරන්න.

a.  යම් කෙනෙකු බාරේ නම්. ඔහුගේ නම (අවශ්‍යම නැත)

b. ලිපිනයේ මුල් පේලිය

C. ලිපිනයේ ඉළග පේලිය.

d. නගරය

e. දිස්ත්‍රික්කය

f. Postel code එක. ඔබ ප්‍රදේශයට අයත් තැපැල් සංඛෙත අංකය. මෙය ඔයාගේ තැපැල් කාර්යාලය අයත් ප්‍රදේශය google search කිරිමෙන් ලබා ගත හැක.

g. ඔයාගෙ රට.

9. ඔයා දැනට ඉන්න රට.

10.  ඔයාගේ දුරකථන අංකය. (අවශ්‍යම නැත)

11. ඔයාගේ email address එක නිවරදිව කොටු දෙක තුල සටහන් කරන්න. එය ඔයා තේරී පත් වුවහොත් email  මගින් දැනුම් දෙන නිසා අත්‍යවශ්‍යය.

12 ඔයාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්.

ඔයා A/L විතරක් නම් high school degree මත ටච් කරන්න.

13. ඔයාගේ විවාහක / අවිවාහක භාවය.

Unmarried  ඔයා අවිවාහකයි

Married and my spouse is not a us lawful ඔයා විවාහක නමුත් බිරිද ඇමරිකානු පදිංචි කෙනෙක් නොවේනම් දෙවනියට ඇති මෙය තෝරන්න.

14. ඔයාට සිටින ළමයින් ගනන.

ඉන්පසු පහත ඇති නිල්පාට continue  මට ටච් කර ඊලග පිටුවට පිවිසෙන්න.

මෙහිදි ඔබේ බිරිද / ස්වාමියාගේ විස්තර ඇතුලත් කර යුතුය.

13 Spouse Name  සහකරුගේ නම.

ඔයාගේ තොරතුරු සටහන් කරපු ආකරයටම මෙහි ඔයාගේ සහකරුගේ නම හා උපන්දිනය, ස්ත්‍රීී / පුරුෂ භාවය සටහන් කරන්න. අනතුරුව පැහැදිලි ඡායාරූපය ඇතුලත් කරන්න.

 

14. ඔයාගේ දරුවාගේ නම.

පෙර ඔයාගේ නම හා විස්තර සටහන් කර ආකාරයටම මෙහි දරුවන්ගේ විස්තර වෙන වෙනම සදටහන් කරන්න. ඡායාරූප ඇතුලත් කරන්න.

අන්තිමට පහලින් කොල පාටින් ඇති submit මත ටච් කරන්න.

එවිට ඔයාට පහත පරිදි සාර්තකව අයදුම් කර බවට දැනුම් දෙයි. එහි ඇති confirmation number එක මගින් ඔයාගේ තොරතුරු නියොජනය කරයි

 

 

 

 

 

 

 

 

 

 

About Author

Related Post

WP Radio
WP Radio
OFFLINE LIVE