ලංකිව

ශ්‍රී ලංකාව අපිට පෙනෙන තරම්, හිතෙන තරම් පොඩි රටක්ද.?

ලෝකයේ පිහිටි රටවල් අතරින් විශාලත්වයෙන් ලංකාව 120 වන තැනට පත්වේ. නමුත් ලෝක සිතියම පරික්ෂා කිරීමේදී ලංකාව ඉතාමත් කුඩා රටක් ලෙස දැක ගැනීමට ලැබේ.

මෙයට හේතුව වනුයේ සිතියම් ඇඳීම සඳහා භාවිතා කරනු ලබන “මර්කේටර් ප්‍රක්ෂේපනය” (Mercator Projection) නැමති ක්‍රමවේදයේදී ගෝලාකාර ලෝකයේ පිහිටි රටවල් සමතලා පෘෂ්ඨයකට ගැනීමේදී ඉහලින් පිහිටි රටවල් ඇදීමකට, විශාලවීමකට ලක්වීමත්, ඒ අතර මැද කොටසේ පිහිටි රටවල් ප්‍රමාණයෙන් කුඩාවීමකටත් ලක්වේ.

එනම් උත්තරධ්‍රැවයට හා දක්ෂිණධ්‍රැවයට ආසන්න රටවල් සිතියම්ගත කිරීමේදී විශාලව සහ සමකය ආසන්න රටවල් කුඩා පරිමානයෙන් සිතියම්ගතවීමයි. මෙය එක්තරා ආකාරයකට “මර්කේටර් ප්‍රක්ෂේපනයේ” පවතින දුර්වලතාවක් ලෙසද සැලකේ.
උදාහරණයක් වශයෙන් අයර්ලන්තය යනු වර්ග කිලෝමීටර් 70273ක් පමණ විශාල රටකි. ශ්‍රීලංකාව වර්ග කිලෝමීටර් 65610ක් විශාල රටකි. එනම් බොහෝදුරට එක සමාන විශාලත්වයකින් යුතු රටවල් දෙකකි.


(අයර්ලන්තය සහ ශ්‍රීලංකාව)

නමුත් ලෝක සිතියම් පරීක්ෂාවේදී අපට දැකගත හැක්කේ අයර්ලන්තය ශ්‍රීලංකාවට වඩා විශාල රටක් ලෙසටයි.

මුත් ඕනෑම රටක ප්‍රමාණය නිවැරදිව සැසඳීම True Size වෙබ් අඩවිය මගින් ඔබටද සිදුකල හැක. එම වෙබ් අඩවියට ගොස් අපට අවශ්‍ය රටෙහි නම Type කර, එම රට ලෝකයේ ඕනෑම තැනකට රැගෙනගොස් විශාලවන සහ කුඩා වන ආකාරය නිරීක්ෂණය කල හැකිය.

About Author

Related Post

WP Radio
WP Radio
OFFLINE LIVE