ඇනකා කියන්නෙ ඇමෙරිකාවෙ ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ (Zoo Atlanta) ජීවත්වන අවුරුදු 12 ක් වයසැති බටහිර පහත්බිම් ගැහැණු ගෝරිල්ලෙක් (Western Lowland Female Gorilla). ඇය ගැන විශේෂයෙන්ම කතාබහට ලක්වෙන්නෙ ඇගේ අතේ ඇති අසාමාන්‍ය රෝස සහ සුදු පැහැති වර්ණකයක් නිසයි. සාමාන්‍යයෙන් ගෝරිල්ලන්ගෙ අත් තද පැහැයක් ගනී. එහෙත්, ඇනකාගෙ ඇඟිලිවල සම, රැලි සහ නියපොතු මිනිසෙකුගේ අතක මෙන් ලා රෝස පැහැයක් ගනී. මෙම දුර්ලභ වර්ණ රටාව ඇයව අනෙක් ගෝරිල්ලන්ගෙන් කැපී පෙනෙන්නට සලස්වලා තිබේ.
මෙය දුටු විට බොහෝ දෙනෙකුට මතකයට එන්නෙ පරිණාමවාදයයි. ඇත්ත වශයෙන්ම, මිනිසා සහ ගෝරිල්ලන් ඇතුළු වානර ගණයට අයත් සතුන් (primates) පොදු මුතුන් මිත්තෙකුගෙන් පරිණාමය වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ඇනකාගේ අතේ සමේ පැහැය සහ රැලි, මිනිස් අතකට සමාන වීම, මෙම පරිණාමවාදී සම්බන්ධතාවය පිළිබඳව කුතුහලයක් ඇති කරයි.
ඇනකාගේ අතේ මෙම විරල වර්ණයට හේතුව විටිලිගෝ (Vitiligo) වැනි ජානමය තත්ත්වයක් විය හැකි බව විද්‍යාඥයන් අනුමාන කරති. මෙම තත්ත්වය නිසා සමේ වර්ණයට හේතු වන සෛලවලට හානි සිදු වී සම ලා පැහැයට හැරීමක් සිදුවේ. කෙසේ වෙතත්, ඇනකාගේ අත් අපට පෙන්වා දෙන්නේ පරිණාමය යනු සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, ජීවීන් අතර ඇති සම්බන්ධතා කෙතරම් සමීප විය හැකිද යන්නත්ය.
ඇනකා යනු සත්වෝද්‍යානයක සිටින හුදු සතෙකුට වඩා වැඩි දෙයකි. ඇයගේ සුවිශේෂී අත් අපට ජීව විද්‍යාව, ජාන විද්‍යාව සහ පරිණාමවාදය පිළිබඳව නවමු දෘෂ්ටිකෝණයක් ලබා දෙයි. සතුන්ගේ සුවිශේෂී ලක්ෂණ අධ්‍යයනය කිරීමෙන් අපට සොබාදහමේ අසීමිත හැකියාවන් පිළිබඳව තවත් බොහෝ දේ ඉගෙන ගත හැකිය.
සටහන නදීර මල්සරගෙන්❤️