Smartphone charging mistakes. anyads.lk

වර්ථමානයේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි නොකරන කෙනෙක් නොමැති තරම්. ඒ වගේම දවසේ වැඩිම කාලයක් නොදැනුවත්වම දුරකතනය ඇබ්බැවී වෙලා අපි හැමෝම වගේ. ඒත් ඉතින් අපිට එක දිගට දුරකථනය පාවිච්චි කරද්දී මුහුන දෙන්න වෙන ප්‍රශ්නය තමයි ඉක්මටම බැටරිය බැසීම.

ඉතින් මේ කියන්න යන්නේ අපි හැමෝටම පොදු ප්‍රශ්නයක් වන දුරකථනයේ බැටරිය චාර්ජ් කිරිම සම්බන්ධවයි.. ඒ සදහා ⁣අපි අනුගමනය කරන ක්‍රියා දාමයේ සිදුවන වැරදී ක්‍රම කිහිපයක් ගැනයි.

01. Official චාර්ජර් එකක්ම භාවිතා කරන්න.

දුරකථනයක් මිලදී ගනිද්දී එය නිෂ්පාදිත සමාගම විසින් අපට official එහෙම නැතිනම් original චාර්ජර් එකක් ලබා දෙනවා. ඒ වගේම අපට පසුව වෙනත් චාජරයක් හෝ කේබගයක් ලබා ගැනිමට අවශ්‍ය වුනොත් එම වර්ගයේම එකක් හො බලයලත් නියෝජිත ආයතනයකින්ම ලබා ගැනිමට උත්සහ කරන්න.

02. බැටරිය සම්පූර්න බැසීම ඉඩ නොදෙන්න.

ගොඩක් දෙනා කරන ප්‍රධානම වරදක් තමයි දුරකථනය off වෙනකන්ම පාවිච්චි කරිමයි. එය දුරකථනය මෙන්ම, බැටරිය, තමන්ගේ දත්ත, තොරතුරු වලටද බලබැම් එල්ල කරනවා. ඒක නිසා අඩුම බැටරි මට්මට 20% ක් තෙක් අඩු වීමට පෙර එය නැවත ආරෝපනය කිරීමට(charge) වග බලා ගන්න.

03. 100% චාර්ජ් වූ පසු වහාම දුරකථනයෙන් චාර්ජරය වෙන් කරන්න.

ගොඩක් අය කරන වරදක් තමයි දුරකථනය charge වෙන්න දමා නිදා ගැනීම හෝ වෙනත් වැඩක් කීරීමයි. දුරකථනයක් charge කරන විට එය උපරිම මට්ටමට (100%) වූ විට තව දුරටත් විදුලියට සම්බන්ද කරන චාර්ජ් වීමට ඉඩ දීම දුරකථනයේ මෙන්ම, බැටරියේ, charger එකට වඩාත් අහිතකරය.
100% චාර්ජ් වු පසු චාර්ජ් නොවුනද නිතරම දුරකථනයේ බැටරිය සුලු වශයෙන් අඩු වන, අඩුවන ටික චාර්ජ් වෙන බැවින් එය දුරකථනයේ ආයු කාලයට බලපැම් එල්ල කරයි. ඒක නිසා දුරකථනය fully charged වූ පසු එය චාර්ජරයෙන් ඉවත් කරන්න.

4. දුරකථනය චාර්ජ් කරන ගමන් පාවිච්චි කරන්න එපා.

දුරකථනය චාර්ජ් කරන ගමන් game play කරීම හෝ, video නැරඹිම සිදු කරන්න එපා. එහෙම කරන වෙලාවට බැටරිය අදික ලෙස රත් වීමට ලක් වෙනවා. ඒක බැටරිය damege වෙන්න හේතු වෙනවා.

05. දුරකථනය චාර්ජ් කරන විට තාපය ඇති තැන් වලින් නොතබන්න.

ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම කරන වරදක් තමයි දුරකථනය චාර්ජ් වෙන අවට පරිසරය, නැතිනම් තබන ස්තානයේ උෂ්නත්වට වැඩි තැනක් වුවහොත් එය දුරකථනට වඩා හානියක් වීමට ඉඩ තියෙනවා. ඒ වගේම දුරකථනය charge කරන විට කවදාවත් ආවරණය කරලා තියන්නත් එපා.

බැටරියේ ආයු කාලය දීර්ග කරගැනීම සදහා වැදගත් කරනු 5ක්.

මෙන්න මේ කරුනු අනුගමනය කරෝත් ඔයාට පුලුවන් ඔයාගේ දුරකථනය ගොඩක් කල් පවිච්චර කරන්න වගේම බැටරියේ ආයු කාලයත් වැඩි කරගන්න.

01. බැටරිය එක වර චාර්ජ් නොකර දෙතුන් පාරකට චාර්ජ් කරන්න.

02. බැටරිය 100% දක්වා චාර්ජ් නොකර එය 80% – 90% අතර සීමාවෙදී චාජරයෙන් ඉවත් කරන්න.

03. ඔබේ දුරකතනය සිසිල් වූ විට චාර්ජ් කිරිමට වගබලාගන්න.

04. බැටරියක් විනාශ වෙන ප්‍රධානම හේතුව වනේනේ තාපයයි. එක නිසා උෂ්නත්වය ඇති ස්තාන වල නොතබන්. Phone එක charge වෙන විට ආවරනය නොකර තැබිමට වගබලා ගන්න.

05. දුරකථන රත්වෙන තෙක් video නැරබීම හෝ game play කිරීම හෝ  සිදු නොකරන්න.

About Author

WP Radio
WP Radio
OFFLINE LIVE